Saturday, January 11, 2025

General line - 0115112241

ඌව අමරපුර මහ නිකායේ මහනායක උපනන්ද නායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද




වසර ගණනාවක් පුරා ශාසනය වෙනුවෙන් මහත් සේවාවක් සිදුකළ අපවත් වී වදාළ ඌව අමරපුර මහ නිකායේ මහනායක පූජ්‍ය මීරියබැද්දේ උපනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (16) පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ පස්සර සෝමපාල සෙනෙවිරත්න මහජන ක‍්‍රීඩාංගනයේදීයි.

1945 වර්ෂයේ පිරිවෙන් අධ්‍යාපනය ලබා එතැන් සිට සිය ආගමික, ශාසනික හා සමාජයීය  මෙහෙවර ආරම්භ කළ උන්වහන්සේ ඌව අමරපුර නිකායේ මහනායක පදවියට පත්වුණේ 1997 වසරේ ඔක්තෝම්බර් මස 18 වැනිදායි.

ප‍්‍රදේශයේ ආගමික ප‍්‍රබෝධයක් ඇතිකිරීමට කටයුතු කළ පූජ්‍ය මීරියබැද්දේ උපනන්ද නායක ස්වාමීන් වහන්සේ ඉකුත් බ‍්‍රහස්පතින්දා අපවත් වනවිට 91 වැනි වියේ පසුවුණා.