Saturday, January 11, 2025

General line - 0115112241

රියදුරන් වෙනුවෙන් හඳුන්වාදෙන නව නීති මාලාව ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

සජිත් තිලකරත්න




රියදුරන් වෙනුවෙන් හඳුන්වාදෙන නව නීති 3ක් මේ මස අවසන් වීමට පෙර ගෙනඑන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

යතුරුපැදි හිස්වැසුම්, ති‍්‍රරෝද රථ සම්බන්ධ නිර්ණායක හා රුපියල් 25,000 දඩයට අදාළ ගැසට් නිවේදන ඒ අනුව ප‍්‍රකාශයට පත්කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "යතුරුපැදි හෙල්මටය පිළිබඳ තියෙන නිර්ණායක සහ ප්‍රමිති තත්ත්වයට අදාළ ගැසට් පත්‍රය, විශේෂ වැරදි 05කට රුපියල් 25,000ක දඩය නියම කිරීමේ ගැසට් පත්‍රයත් දැන් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථවලට උපරිම වේගය පැයට කිලෝමීටර් 40, රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව වැඩිහිටියන් නම් 03 දෙනයි නැතිනම් වැඩිහිටියෝ දෙන්නයි දරුවෝ දෙන්නයි, ත්‍රිරෝද රථයක ආසන අතර තිබුණු පරතරය, ත්‍රිරෝද රථය ඇතුලේ තාක්ෂණික මට්ටම යනාදිය ඇතුළත් ගැසට් පත්‍රය ක්‍රියාත්මක කෙරෙනවා." යනුවෙනි. 

මෙම ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත්වීමෙන් පසු අදාළ වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර සිදුවනු ඇති. රථවහන වැරදි 5ක් සම්බන්ධයෙන් වූ රුපියල් 25,000ක දඩය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද වූයේ ඊට අදාළ නීති සැකසීමේදී ඇතැම් වචනවල පැවැති දෝෂයක් හේතුවෙන් බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.

ඉකුත් සමයේ දිගින් දිගටම සිදුවූ අනතුරු සැළකිල්ලට ගනිමින් මංතීරු නීතිය ද දැඩිව කි‍්‍රයත්මක කිරීමට පොලිසිය ඉකුත් දා පියවර ගත්තා.