අලුත්ගම ධර්ගා නගරයේ නවතා ඇති වෑන් රථයක තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති රත්රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමක් සිදුව තිබෙනවා.
උකස් කර ඇති රත්රන් භාණ්ඩ බේරාදී මුදලට ලබාගන්නා පිරිසක් සිය වෑන් රථය නවතා දේවස්ථානයක් වෙත ගිය අවස්ථාවේ තනි පුද්ගලයෙකු මෙම සොරකම කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සොරකම කරන ආකාරය වෙළඳ ආයතනයක CCTV කැමරාවක සටහන්ව ඇති අතර එම දර්ශන පහතින් දැක්වෙනවා.