එළඹෙන පළාත් පාලන මැතිවරණය මුල්කර ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිඳු සාකච්ඡාවකට හෝ සම්මුතියකට එකඟතා පළ නොකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ නිදහස් පක්ෂය සමග එක්ව මැතිවරණයට තරග වැදීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ හමුවක් සඳහා ඒකාබද්ධ විපක්ෂයට ද ආරාධනා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණා.
පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියාසිටියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බවයි.
නිදහස් පක්ෂය මුල් කරගනිමින් ඉකුත් මහ මැතිවරණයේදී තරග වැදුණු සියලූ මන්ත‍්‍රීන්ට ඊට ආරාධනා කිරීමටයි තීරණය කර තිබුණේ.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මෙම අදහස් පළකළා.
ඔහු කියාසිටියේ ඉකුත් මහමැතිවරණයේදී එක්ව තරග වැදුණ ද පසුව පොරොන්දු සම්මුතීන් කඩකළ බැවින් මෙවර එවැනි කිසිඳු තීන්දුවක් නොගන්නා බවයි.