රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරසවි සිසු නායකයින් වහා නිදහස් කරන ලෙස හා සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් අදත් (16) විරෝධතාවල නිරත වුණා.
ඒ, පිටකොටුව බෝධිය අසලදීයි. විරෝධතාව හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතට ඇතුළු වන මංතීරුවේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.
ඔවුන් පිටකොටුව බෝධිය ඉදිරිපිට මාර්ගයේ ටයර් පුළුස්සමින් විරෝධතාවේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් ස`දහන් කළේ.