උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරිම ස්ථිර වශයෙන් සිදුකළ යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසනවා.
එය තම පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මූලික ප්‍රතිපත්තියක් බවයි ඔහු කියා සිටියේ.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම කඩිනම් කිරිම සම්බන්ධයෙන් තමන් ද බලකරන බවත් ඒ මගින් දෙමළ ජනතාවගේ විමුක්තිය උදාවනු ඇති බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.
දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තමන් සිය තනතුරු අතැර දමා නැගෙනහිරට පැමිණ නව පක්ෂයක් පිහිටුවා ගනිමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිමේ ක්‍රියාවලිය සඳහා හඬ නඟන බවත් ඔහු පැවසුවා.
එමෙන්ම පාර්ලමේන්තු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දීර්ඝ කාලයක් සිර භාරයේ සිටින බවත් එහි කුමක් හෝ දේශපාලනික පසු බිමක් ඇතැයි තමන් සැක කරන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කිරිමට තමන් අකමැති බවත් අධිකරණය හමුවේ පවතින නඩුවක් පිළිබඳව තමන්ට නිසි ප්‍රකාශයක් කළ නොහැකි බවත් කියා සිටි ඔහු ශ්‍රී ලංකා නීතියට අනුව මිනිස් ඝාතන නඩුවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුවට මාස 6ක සිරදඬුවමින් පසු එම පුද්ගලයාට ඇප ලබාදිය යුතු බවත් සඳහන් කළා.
නමුත් පිල්ලෙයාන් තවදුරටත් සිර භාරයේ රඳවා තබාගැනීමේ අරමුණ කුමක් දැයි තමා නොදන්නා බවද හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පැවසුවා.
ජාතික ආණ්ඩුවක් සමග දේහපාලනයේ යෙදුන නිසා අපට යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් නිහඬව සිටින්න සිද්ධ වුණා.
බලය තිබිය දී නිහඬව සිටිමට හේතුව එයයි.
නමුත් මම දෙමළ ජනතාවට සේවය කරන්නයි ඇමති ධුර අතැරලා උපන් පළාතට ආවේ.
කලින් මම මහින්ද මහත්මයා සමග එකට දේශපාලනය කළා.
මට එක්සත් ජාතික පක්ෂයත් ආරාධනා කළා.
ඒ වගේම ජනාධිපති මෙමත්රිපාල සිරිසේන මහත්මයත් කතා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා.
අපි එක මතයක ඉන්නවා.
ඕනෑම මැතිවරණයක දී අපි උතුරු නැගෙනහිර පළාත්වල තනිවම තරග කරනවා.
ඒකේ කිසිම වෙනසක් නෑ.
නමුත් අනිත් පළාත්වල අපි කවුරු එක්ක එකතු වෙනවද කියලා දැන්ම කියන්න අමාරුයි.
ඒ අවස්ථාවේ දී සුදුසු කවුද ඒ අය එක්ක එකතු වෙනවා.