ශිෂ්ඨ සමාජයක් ගොඩනැංවීම සඳහා මත් උවදුර සහ තොරතුරු තාක්ෂණයේ අයහපත් ප්‍රවණතා ප්‍රබල අභියෝගයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්.
ඇතැම් මව්පියන් විභාග සඳහා දරුවන් සූදානම් කරන ආකාරය සහ විභාග ප්‍රතිඵල ලැබීමෙන් පසු දරුවන්ට සළකන ආකාරය ද ශිෂ්ට සමාජයකට නොගැලපෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
එහි වීඩියෝ දර්ශන පහතින් නැරඹිය හැකිය.