Saturday, January 11, 2025

General line - 0115112241

හදිසියේ ලංකාවට ආව නයිජර් රාජ්‍යයේ ජනාධිපති




අන්තර් නැවතුමක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොම්මදු ඉසොෆු පැය 2ක් පමණ ගුවන් තොටුපලේ රැඳී සිට ආපසු පිටව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ නයිජර් රාජ්‍යයේ සිට ඉන්දුනීසියාවට පියාසර කරන අතරතුර ඉන්ධන ලබාගැනීම සඳහායි.

අලූයම 3.20ට එම යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්වූවා.

යානය නැවත පිටව ගියේ අලූයම 5.40ට පමණයි. එම කාලය තුළ ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරියේ නතර වී සිටියා.

ඔහු සමග දූත මණ්ඩලයේ 7 දෙනෙකු ද පැමිණ සිටි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පවසන්නේ.