Saturday, January 11, 2025

General line - 0115112241

ආපසු පණ ලැබුණු රාවණා ඇල්ල




ජලය අඩුවී සිදීයමින් තිබූ රාවණා ඇල්ල නැවත වරක් පණ ලබා තිබෙනවා. ඒ මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමගයි.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ පිහිටා ඇති රාවණා ඇල්ල සංචාරක ආකර්ෂණය ද ඉහළින්ම දිනාගත් ස්ථානයක්.

කෙසේවෙතත් මේ දිනවල එහි ජල මට්ටම කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙන බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ නිසා ඇල්ල අසලටම යාමෙන් වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.