Friday, September 20, 2024

General line - 0115112241

ක්‍රීඩකයන් FCID ගෙන්වීම ගැන අර්ජුන කතා කරයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා ඇතුළු කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ප‍්‍රශ්න කිරීම කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

කි‍්‍රඩා පනත යටතේ වන නියෝග කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (20) පැවති විවාදයේදී ඔහු මේ බව කියාසිටියා.

තරගාවලියකට පෙර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මේ ආකාරයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවීම ඔවුන්ගේ මානසික මට්ටමට බලපෑ බවත් ලෝක මාධ්‍ය ඉදිරියේදී එම ක්‍රීඩකයන් විශාල අපකීර්තියකට පත් වූ බවත් පැවසුවා.