Sunday, April 28, 2024

General line - 0115112241

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රියක්!

සජිත් තිලකරත්න




පානදුරයේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. ඩොලර් මිලියන 600ක් ලෝක බැංකුවෙන් ලැබෙනා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ඒත් සමග පාලම් සහ දුම්රිය මාර්ගය පුළුල් වන බව ඔහු පැවසුවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ගුවන් පාලමේ අබලන් තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්විමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනා බවය.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගි පාලමේ වහලයේ කොටසක් අද පෙරවරුවේ කඩා වැටුණා. ඒ, ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවති සුළං තත්ත්වය හේතුවෙන්. ඉකුත් සෙනසුරාදා දිනයේද එම වහලයේ කොටසක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමන් ගත් රථ වාහන කිහිපයකට ද හානි සිදු වුණා.