Saturday, April 20, 2024

General line - 0115112241

මිතුරා දකින්න ජලයෙන් ගොඩ එන මාළුවා




දෙයියන්දර, වෙල්පාමුල ප්‍රදේශයේ එච්.එන්.පෝශප්ගේ නිවසේ කුඩා පොකුණක සිටින මාළුවෙකු ඔහුගේ හොඳම මිතුරා වී තිබෙනවා.

මෙම අපූරු මාළුවාගේ හැසිරීම නිසා දකින කවුරුත් පුදුමයට පත්වෙන බවයි ඔහු පැවසුවේ. කුඩා පොකුණ ආසන්නයට පැමිණි ජෝෂප් කතා කරන විට ජලයෙන් උඩට එන මෙම මාළුවා ජෝෂප්ගේ අතට පැමිණ බොහෝ වෙලා රැඳී සිටිනවා.

වසර 7 ක කාලයක් ‍මෙම කුඩා පොකුණේ මාළුවා ජිවත්වන බවයි ජෝෂප් සඳහන් කළේ.  බතල කොළ, පාන්, කංකුන් වැනි දේ කෑමට රුචිකත්වයක් දක්වන මෙම තිප්පිලි මාළුවා පෝශප්ගේ හඬ ඇසුණු සැනින් ජලයෙන් උඩට මතුවෙනවා.

Image00001 Image00002 Image00003 Image00004