Sunday, April 28, 2024

General line - 0115112241

බාධක හමුවේ අවස්ථාව උදා වුණා

කමල් සුරවීර - මහනුවර




කුමන බාධා එල්ල වුවද කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2020 වසර වනවිට අනිවාර්යයෙන් අවසන් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය වෙනුවට ඇතැම් දේශපාලනඥයින් ඉදිරිපත් කර ඇති  විකල්ප පිළිගත නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2003 වර්ෂයේ ඉදිකිරිමට යෝජිතව තිබුණ ද ප්‍රමාද වී හෝ ඊට අවස්ථාව උදා වී ඇති බවයි අමත්‍යවරයා කියා සිටියේ.

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.