Monday, April 29, 2024

General line - 0115112241

දේශපාලනයට පිවිසෙන නවකයින් සඳහා අවස්ථාවක්




නව මැතිවරණ ක්‍රමය තුළින් 51%ක කාන්තා නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇති බවත්, දේශපාලනයට පිවිසෙන නවකයින් සඳහා අවස්ථාවක් ලබාදී ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී අද (23) පස්වරුවේ හෙතෙම මේ බව පැවසුවා.

ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම බදුල්ල බල මණ්ඩල රැස්වීමට අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න, ඩිලාන් පෙරේරා සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන පිරිස් සහභාගි වී සිටියා.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මෙම නව මැතිවරණ ක්‍රමය අනුව කොට්ඨාශයකට වගකියන සුදුසු පුද්ගලයෙකු ජනතාව විසින් තෝරා පත් කරගන්නා අතර පසුගිය මනාප ඡන්ද ක්‍රමය යොදා ගැනීම තුළින් ඇතිවී තිබෙන මනාප පොරය නැති වී ගොස් සාමකාමී මැතිවරණ ක්‍රමයක් පැවැත්වීමට හැකිවන බවයි. එමෙන්ම අපේක්ෂකයින්ට මනාප ලබාගැනීම සඳහා විශාල මුදලක් යෙදවීමට සිදුනොවන බවත්, පක්ෂයට වැටෙන ඡන්ද එම නියෝජිතයින්ගේ ඡන්ද ලෙසත් සැලකෙන බවද පෙන්වා දුන්නා.