Friday, September 20, 2024

General line - 0115112241

මව දුන් ඇට කෑ දැරියන් රෝහලේ – එක් දැරියක් මරුට




ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් රෝගී වූ කුඩා දැරියන් සිව් දෙනෙකු කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඒ අතර සිටි හය හැවිරිදි දැරියක් මියගොස් ඇති බවයි.

දැරියන්ගේ මව පෙරේදා (19) පස්වරුවේ කිසියම් ඇට වර්ගයක් ආහාරයට ලබාදී තිබෙනවා. ඉන්පසු එම දරුවන් රෝගි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ප‍්‍රතිකාර සඳහා ඔවුන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර මහරෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී හය හැවිරිදි දැරිය මියගියා. තවත් දැරියන් දෙදෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි. මියගිය දැරියගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා තිබෙනවා.