Monday, April 29, 2024

General line - 0115112241

ඉලක්කය 600ක් - 487 විවෘත කෙරේ




ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන 600 ක් ස්ථාපිත කිරිමේ වැඩ සටහන යටතේ 487 වැනි පොලිස් ස්ථානය අද (23) අගලවත්ත නගරයේදී විවෘත කෙරුනා. 

ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහගේ ප්‍රධානත්වයෙන්. 

බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රන්ජිත් සොමවංශ, පළාත් සභා මන්ත්‍රී පී.ඩී. අබේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. 

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සංකල්පයකට අනුව රට පුරා පොලිස් ස්ථාන 600ක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.