Sunday, January 12, 2025

General line - 0115112241

වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීමේ අවම ප‍්‍රමිතියේ කිසිදු වෙනසක් කරන්නේ නැහැ




වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අවම ප‍්‍රමිතියේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා. ඒ පිළිබද සාකච්ඡා කිරීම සදහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව අද (25) රැස්වූ අතර එහිදී අදාළ තීරණය ගත් බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව දැනට වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අවම ප‍්‍රමිතිය ලෙස වෛද්‍ය සභාව ඉකුත් ජූනි මාසයේ ප‍්‍රකාශයට පත් කළ නිර්දේශ තවදුරටත් වලංගු වනු ඇති.