Monday, May 20, 2024

General line - 0115112241

කි‍්‍රකට් පරාජයෙන් පසු ඇමති දයාසිරිත් මෑණියෝ සොයයි!




ලාහෝරයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර පන්දුවාර විස්ස අවසන් කි‍්‍රකට් තරගයට ලබාදෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරුණා. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියාසිටියේ කී‍්‍රඩකයින්ට උපරිම ආරක්‍ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් පාකිස්ථානු රජය මේ වනවිටත් තහවුරු කර ඇති බවයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග තමන්ද ලාහෝරයේ සංචාරයට එක්වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී පැවසුවා.

කි‍්‍රකට් තරග දිනවීම සදහා මෑණිවරියකගේ ආශිර්වාදය ලබාගත් බවට ඉකුත්දා පළ වූ වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඔහු පැවසූවේ තමා ඒ සම්න්ධයෙන් ගාවා නොගන්නා ලෙසය. තරග පරාජයවනවිට එම මෑණියන් සිටියේ කොහාදැයි තමාද සොයනබව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අබුඩාබිහි සෙයික් සෙයිිඕ කී‍්‍රඩාංගණයේදී හෙට (26) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ රාතී‍්‍ර 9 .30 ටයි.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් නුවර ගඩාෆී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අවසන් පන්දුවාර විස්ස තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර වැඩි සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වී අවසන් බව එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගයට සහභාගි වන ශී‍්‍ර ලංකා පිල නවාතැන් ගන්නා හෝටල් සහ කී‍්‍රඩාංගණය අවට ආරක්ෂාව පිළිබදව සොයා බැලීමට කි‍්‍රකට් ආයතනයේ නිලධාරියෙකු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානියෙකු ලාහෝර් නුවර බලා අද පිටත්ව ගියා.

ශී‍්‍ර