Sunday, January 12, 2025

General line - 0115112241

විමල් ජාතියෙන් සමාව ගතයුතුයි! බෝම්බ කතාවට පක්ෂයෙන්ම චෝදනා!




පාර්ලිමේන්තුවට බෝම්බයක් හෙළිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය පක්ෂය ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශයක් නොවන බව එහි ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසනවා. ඔහු කියා සිටියේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මන්ත‍්‍රී විමල් වීරවංශ, ජාතියෙන් සමාව ගත යුතු බවයි. 

"ඒක එයාගේ ප්‍රකාශයක්. පක්ෂයේ තීන්දුවක් තීරණයක් කිව්වත් නෙවෙයි. එ් ප්‍රකාශය ඉතා බරපතලයි. වෙන කෙනෙක් එවැනි අපරාධයක් සම්බන්ධයෙන් පෙළඹෙන්න පුළුවන් ප්‍රකාශයක් ඒක"

ඔහු මෙම අදහස් පළ කළේ, මන්ත‍්‍රී විමල් වීරවංශගේ ප‍්‍රකාශය පිළිබඳ පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පක්ෂය මේ සදම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසද පැවසුවා.