Sunday, January 12, 2025

General line - 0115112241

ආණ්ඩුවේ ගමනට බාධා කරන පාර්ශ්වයන්ට නිවේදනයක්




වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට යන ගමන ඉවසා ගත නොහැකි බලවේග මේ වනවිට වියරු වැටී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ නායකයින් දෙපළ රටේත් ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකි පිරිස් විසින් විවිධ ප‍්‍රකාශයන් සිදුකරන බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා පැවති වියත් මග නම් වූ උත්සව සභාවකදි හිටපු හමුදා ප‍්‍රධානියෙකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පළ කළ අදහස් උපුටා දක්වමින් අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 

නව ව්‍යවස්ථාවට සහාය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කළ ප‍්‍රකාශය ඉතා බියකරු එකක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙන්නේ.

මෙවැනි බියකරු ප‍්‍රකාශයක් සිදුකර ඇත්තේ හැට දෙලක්‍ෂයක් ජනතාව ස්ථාවර සාමය හා සංහිදියාව වෙනුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බවට තහවුරු කර ඇති වටපිටාවකදී බවද අමාත්‍යවරයා පවසනවා.

රජය එම කටයුත්ත සිදුකිරිම සඳහා කැපවී කටයුතු කරන බවයි අමාත්‍ය මංගල සමරවීර කියාසිටියේ.

(මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.)