Friday, May 17, 2024

General line - 0115112241

පාකිස්ථානයට කඩුළු දෙකක ජයක් (UPDATE)




ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දනුෂ්ක ගුණතිලක ලකුණු 51ක් රැස්කළා.

-------------------

විස්සයි විස්ස දෙවන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට(27-10-2017 21:44)(කසුන් කැලුම්)

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැතවෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ අබුඩාබි සෙයික් සෙයිඩ් ක්‍රීඩාංගණයෙ දී.  අද දින තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම මුලින් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකදී  පන්දුවාර 3ක් අවසානයේ ලකුණු  26ක් ලබා ගත්තා.

-------------------

පාකිස්ථානුවන්ට පහසු ජයක් (27-10-2017 07:18)

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පන්දුවාර 20/20 පළමු තරගය, කඩුලු 7න් ජයගැනීමට පාකිස්ථානය අද (27) අළුයම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී සියළු දෙනා දැවී රැස්කරනු ලැබූවේ ලකුණු 102යි.

පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී කඩුලු 7ක් අතැතිව ලකුණු 103ක් රැස් කළා.

 

----------------------------------------------

කාසියේ වාසිය පාකිස්ථානුවන්ට (කසුන් කැලුම්)

26-10-2017 21:18 

ශ‍්‍රී ලංකා කණ්ඩායම  සහ පාකිස්ථානය අතර තරග 3කින් සමන්විත 20/ 20 තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්ථානුවන්ට හිමිව තිබෙනවා. ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

----------------------------------------

විස්සයි විස්ස සටන රාතී‍්‍ර 9.30ට ඇරඹෙයි (කසුන් කැලුම්)

26-10-2017 19:52

ශ‍්‍රී ලංකා කණ්ඩායම  සහ පකිස්ථානය අතර තරග 3කින් සමන්විත 20/ 20 තරගාවලියේ පළමු තරගය අද රාත‍්‍රීයේ ආරම්භ වනවා. ඒ, අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් ක‍්‍රීඩාංගණයේදියි. ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගි වන්නේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතුවයි.

නවක ක‍්‍රීඩකයන් රැසක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. අදින් ආරම්භ වන 20යි 20 ක‍්‍රිකට් තරගාවලියේදී සිය නවක ක‍්‍රීඩකයන් උපරිම දක්ෂතා දක්වනු ඇති බවයි 

--------------------------------------------------

තිසර අද නවකයින් අරන් විස්සයි විස්ස සටනට එයි (කසුන් කැලුම්)

26-10-2017 08:52

අදින් ආරම්භ වන ශ්‍රී ලංකා සහ පාකිස්ථාන පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලට නායකත්වය ලබාදෙන්නේ තිසර පෙරේරායි. තිසර අද (26) වාර්තා පොත් අතරට එක්වන්නේ 9 වන ශී‍්‍ර ලංකා විස්සයි විස්ස නායකයා ලෙසයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 03ක් පැවැත්වෙනවා.

පළමු තරගය රාතී‍්‍ර තරගයක් ලෙසින් අද පැවැත්වෙන්නේ අබුඩාබි නුවර ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේදීයි.

ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 9.30ටයි. ශී‍්‍ර ලංකාව පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 බින්දුවක් ලෙස ජය ගත්තද පැවති එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා පිල පාකිස්ථානය හමුවේ දරුණු පරාජයක් ලැබුවා. 

මේ අතර අද ඇරඹෙන තරගයේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවන ලද කී‍්‍රඩකයින් දස දෙනෙකුම එක්දින තරගාවලිය කී‍්‍රඩා නොකළ කී‍්‍රඩකයිින් වීම විශේෂත්වයක්.

මහේල උඩවත්ත වසර අටකට පසු ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා ඇති අතර, තරග තහනමක ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක මෙම සංචිතයට ඇතුළතව සිටිනවා.

ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස සංචිතය පහතින්.

Thisara Perera

Minod Bhanuka

Chaturanga de Silva

Vishwa Fernando 

Lahiru Gamage 

Danushka Gunathilaka

Dilshan Munaweera

Sachith Pathirana

Seekkuge Prasanna

Ashan Priyanjan

Sadeera Samarawickrama

Vikum Sanjaya

Dasun Shanaka

Isuru Udana

Mahela Udawatte

Jeffrey Vandersay

නවතම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනට අනුව පාකිස්ථානය පසුවන්නේ 2 වන ස්ථානයේයි. ශී‍්‍ර ලංකා පිලට එම සටහනේ හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම වසරේදී පන්දුවාර විස්ස තරග 9කට කී‍්‍රඩා කර ඉන් තරග 5ක්ම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

ඔවුන් පරාජයට පත්ව ඇත්තේ තරග 4ක් පමණයි. පාකිස්තානය මෙම වසරේදී පන්දුවාර විස්ස තරග 7කට කී‍්‍රඩා කර ඔවුන්ද තරග 5ක් ජය ගැනීමට සමත්ව සිටිනවා. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ තරග 2ක් පමණයි.

ශී‍්‍ර ලංකා පිල 2017 වසරේදී පන්දුවාර විස්ස තරගාවලි 3කට සහභාග වී ඇති අතර ඉන් තරගාවලි දෙකක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිටිනවා.

එ් දකුණු අපි‍්‍රකාවට සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි. පාකිස්තානය මෙම වසරේදී සහභාගි වූ පන්දුවාර විස්ස තරගාවලි දෙකම ජය ගැනීමට සමත්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ලෝක කි‍්‍රකට් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ශී‍්‍ර ලංකා පිල මේ දක්වා අන්තර් ජාතික පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 96කට කී‍්‍රඩා කර ඇති අතර ඉන් තරග 51ක ජය අත්කර ගැනීමට සමත්ව සිටිනවා. ශී‍්‍ර ලංකාව පරාජයට පත්ව ඇත්තේ තරග 43ක් පමණයි.

පාකිස්ථානය මේ දක්වා අන්තර්ජාතික පන්දුවාර විස්ස තරග 117කට කී‍්‍රඩා කර තිබෙනවා. ඔවුන් ඉන් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 69ක්. පාකිස්තානය පරාජයට පත්ව ඇත්තේ තරග 45ක් පමණයි.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර මේ දක්වා පන්දුවාර විස්ස තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක ජය හිමිකරගෙන ඇත්තේ පාකිස්ථානු කණ්ඩායමයි.

ශී‍්‍ර ලංකා පිල පාකිස්ථානයට එරෙහිව ජය වාර්තා කර ඇත්තේ විස්සයි විස්ස තරග 5ක් පමණයි.

අද තරගය පැවැත්වෙන ෂෙයිඞ් කී‍්‍රඩාංගණයේදී පාකිස්ථානය විස්සයි විස්ස තරග 5කට කී‍්‍රඩා කරමින් ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි. ඔවුන් තරග 3ක්ම මෙම කී‍්‍රඩාංගණයේදී පරාජයට පත්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර එක් විස්සයි විස්ස තරගයක් පමණක් මේ දක්වා මෙහි පවත්වා ඇති අතර ඉන් ජය ගෙන ඇත්තේ පාකිස්ථානයයි.

පාකිස්ථානය සහ ශී‍්‍ර ලංකාව අතර මේ දක්වා පන්දුවාර විස්ස තරගාවලි 5ක් පවත්වා ඇති අතර ඉන් කිසිඳු තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්ව නැහැ.

පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලි 3ක් ජය ගෙන ඇති අතර දෙරට අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලි 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.