Monday, April 29, 2024

General line - 0115112241

ඔස්ටින් අයියාට පණ පොවන 'සේනක ටයිටස්' හදිසියේම සිංගප්පුරුවේ රෝහලකට




ප්‍රවීණ කලාකරුවෙකු වන  සේනක ටයිටස් ඇන්තනී හදිසියේම රෝගීවීම නිසා සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

'අලුත් හොරෙක් ඕනෑ' වේදිකා නාට්‍ය සමග  විදේශ ගතව සිට නැවත පැමිණෙන අතර ඔහු මෙලෙස රෝගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේවන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මේවන විට ජනප්‍රියම  ටෙලිනාට්‍යක 'ඔස්ටින් අයියා' චරිතයට පණ පොවන  සේනක ටයිටස් ඇන්තනී,  ජැක්සන් ඇන්තනී රංගන ශිල්පියාගේ සහෝදරයෙක් ද වනවා.