Monday, April 29, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාර රෝහලේ හෙද නිලධාරීන්ට මොකද වුණේ

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය සඳහා අනුමත කරන ලද හෙද නිලධාරීන් සංඛ්‍යාව 18 ක් වුවත් මේ වනවිට එහි සේවය කරන්නේ තුන් දෙනෙකු පමණයි.

ඉන් දෙදෙනෙකු තවත් මාස තුනක් ඇතුළත විශ‍්‍රාම යාමටද නියමිතයි.

රෝහලේ වාට්ටු පහක නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 200 කට ආසන්න බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ද වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට නව මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට නොහැකි වී තිබෙන්නේද වැලිකඩ බන්ධනාගාරයේ හෙද හිගය බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රෝහලෙන් පිටත් කර හැරීමට තරම් සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් වරින්වර රෝගී තත්ත්වයන් පරීක්‍ෂා කළ යුතු බවයි පැවසෙන්නේ්.

ඒ අනුව ඔහු නව මැගසින් බන්ධනාගාරයට මාරු කළහොත් දිනකට දෙවරක් ඔහු පරීක්‍ෂා කිරීමට හෙද නිලධාරියෙකු යෙදවීමට සිදුවනවා.

ඉන් රෝහලේ අනෙකුත් කටයුතුවලට බාධා සිදුවන බැවින් තවදුරටත් සරණ ගුණවර්ධන බන්ධනාගාර රෝහලේ නේවාසිකව තබා ගැනීමටයි තීරණය කර ඇත්තේ. මරණ දඩුවමට ලක්ව සිටින දුමින්ද සිල්වාද නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි.