Monday, April 29, 2024

General line - 0115112241

ආබාධ සහිත දරුවන්ට රජයෙන් විශේෂ අවස්ථාවක්




ඉගෙනීමේ හා විශේෂ දක්ෂතා දක්වන ආබාධ සහිත දරුවන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක පැවසුවා.

ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (25) බත්තරමුල්ල අපේ ගමේදී පැවති අන්තර්ජාතික සුදු සැරයටි සුරක්ෂා දිනය සැමරුම් උත්සවය අමතමින්.

රජයේ තනතුරු සඳහා බඳවා ගැනීමට පවත්වන තරඟ විභාගවලදී  අවම ලකුණු ලබා ගන්නා ආබාධ සහිත අය එම රැකියාවලට බඳවා ගැනීම සඳහාද විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සඳහන් කළා.