Monday, April 29, 2024

General line - 0115112241

මසුන් වර්ග දෙකක් ගැන ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්




කොප්පරා හා තලපත් මසුන් වර්ග දෙක හැර සෙසු සියලූ මත්ස්‍ය වර්ග සහ ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස ධීවර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සෑම මුහුදු ප‍්‍රදේශයකින්ම ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් ඇති බවයි ධීවර අමාත්‍යාංශය පවසන්නේ.

 ඒ අනුව මෙරට සාගර තීරයෙන් නෙළා ගත නොහැකි මසුන් වර්ග හැර සෙසු සියලූ මත්ස්‍ය ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මාළු මිළ ගණන් ස්ථාවරව තබාගැනීම එහි අරමුණයි.