හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට එරෙහිව ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රවරු පිරිසක් හා ආධාරකරුවන් පිරිසක් හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට අද (26) උද්ඝෝෂණයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් හැටන් නගර මධ්‍යයෙන් රථ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වත්මන් පාලන අධිකාරිය මගින් තොන්ඩමන් නාමය ඉවත් කර පූල්බෑංක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යනුවෙන් නම් කිරිමට තමන් විරෝධය දක්වන බවයි විරෝධතාකරුවන් පැවසුවේ.
මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර එස්.ශත්තිවේල් මෙහිදී පැවසුවේ හිටපු දේශපාලඥයන් රටට කළ සේවය වෙනුවෙන් ඔවුන් අනුස්මරණය කිරිම සඳහා ඔවුන්ගේ නමින් නම්කර තිබෙන ඇතැම් ගොඩනැගිලි සහ ස්ථාන කිසිදු රජයක් විසින් වෙනස් නොකළ අවදියක තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නාමය වෙනස් කිරිමට අමාත්‍ය පලනි දිගම්බරම්ට කිසිදු අයිතියක් නොමැති බවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මුර්ති තොන්ඩමන් විසින් වතුකරයේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණුව ලබා දීම සඳහා කැනඩා රජයේ ආධාර යටතේ මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවා.