සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබා දීමට නියමිත අවසන් විසදුම විනාශ කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ ප්‍රකාශ කළේ, ඒ සදහා අමාත්‍යවරුන් පිරිසක් මැදිහත් වී සිටින බවයි. ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ අද (26) දහවල් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයී.
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අවසන් විසදුම ලබා දීමට පෙර ඊට අදාළ සියලූ පාර්ශව සාකච්ඡාවකට කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ද මෙම මාධ්‍ය හුමවට එක්ව සිටියා. ඔහු කියා සිටියේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක මහජන කොමිසන් සභාවේදී අනාවරණය වන කරුණු ඉදිරියේදී නීතිය හමුවට ගෙන එන බවයි.