තවදුරටත් ඡන්ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව එළඹෙන නොවැම්බර් මාසයේදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජි එල් පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඡන්ද කල් දැමීමේ ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි.
එළඹෙන ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බවට ආණ්ඩුව ප‍්‍රකාශ කළ ද එය විශ්වාස කළ නොහැකි බවයි මහාචාර්ය ජීල් පිරිස් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක පැවැත්වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ ඉදිරි සතිය ඇතුළත සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් වුවහොත් එළඹෙන ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි.
එම ගැසට් නිවේදනය නිකුත් කිරීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට අදාළ කටයුත්තක් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.