Monday, January 13, 2025

General line - 0115112241

විශ්ව විද්‍යාලයට නව පාඨමාලා




විශ්වවිද්‍යාල තුළ කලා විෂය ධාරාවන්ට ගණිතය, තාක්ෂණික විෂයන් සහ වෙනත් භාෂා ඇතුළත්ව නව පාඨමාලා හඳුන්වා දීම සඳහා යෝජනා ඉදිරිපත් කරන බව උපකුලපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන පැවසුවේ එම යෝජනා ඉදිරියේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාද කොමිසන් සභාව වෙත  ඉදිරිපත් කරන බවයි. 

"කලා විෂයයන් තුළ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන්නේ සාම්ප්‍රධායික පාඨමාලා. පසුගිය කාලයේ යම් ප්‍රමාණයක් වෙනස් කළා. නමුත් තවදුරටත් එය වෙනස් කිරමයි බලාපොරොත්තුව." 

හබරණ දී ඊයේ (26) පැවති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි මහාචාර්ය රංජිත් විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියේ. වෙනත් භාෂා හැදෑරිමේ වැදගත්කම ද උපකුලපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජර්මන්, ප්‍රංශ, ජපන්, චීන ඇතුළු භාෂා රැසක් විශ්ව විද්‍යාල පාඨමාලා ලෙස පවත්වන බවද ඔහු පැවසුවා.