සිය පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන පියසිරි විජේනායක සම්බන්ධයෙන් ඊයේ (26) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදි අවසන් තීන්දුවක් නොගත් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත පැවසුවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ එම රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූ බවයි.
"මේ වචනයක එල්ලිලා නගන අවලාද අපි සලකන්නේ නැහැ. ජාතික සටන දියාරු කිරීමට කරන වැඩක් මේ. රටට සතුරු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මකයි. ඊට සාපේක්ෂව තමයි පියසිරි විජේනායක කියපු මේ කතාවත් සලකා බලන්නේ. එතුම මේ ප්‍රකාශය කළේ කාගේවත් අවශ්‍යතාවයකටද, හදවතේ අවංකව නැගුනු අදහසක්ද, නැතිනම් හුදකලා ප්‍රකාශයක්ද කියන්න දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී වග විභාග වෙයි සමහර විට."
පියසිරි විජේනායක පසුගිය කාල සීමාවේදී ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිව කටයුතු නොකළ බවද පද්ම උදය ශාන්ත මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කිියා සිටියා.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා කළ ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ මතය නොවන බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතියෙන් සමාව ගත යුතු බවත් පියසිරි විජේනායක ඉකුත් දා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, බෝම්බ ලොරියක් එනවිට එය දිහා බලා නොඉඳ එයට පැන එය විනාශ කිරීමට යමෙකු කටයුතු කළේද, තමාද එලෙස පක්ෂයේ නායකයා වුවත් වැරදි සහගතවූ යමක් පැවසූ විට එහි වරද වටහා දුන් බවය.