Friday, September 20, 2024

General line - 0115112241

යාපනය රැඳවූවන් උපවාසය අතහරි




දින කිහිපයක සිට ආහාර වර්ජනයක නිරත වූ යාපනය බන්ධනාගාරයේ රැඳවූවන් එම වර්ජනය අතහැර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ රැඳවූවන් 18 දෙනෙකු ඉකුත් 19 වනදා සිට මෙලෙස ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වු බවයි.

තමන්ට කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම උපවාසය සිදුකළා. කෙසේවෙතත් ඊයේ (20) පස්වරුවේ සිට ඔවුන් උපවාසය අතහැර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔවුන් සියලු දෙනාට මත්ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.