ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවකු බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බොරලැස්ගමුව එගොඩවත්ත ප්රදේශයේදියි. සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී සොරා ගැණුනු රූපවාහිනි යන්ත්ර, රෙදි සෝදන යන්ත්ර, අත් ඔරලෝසු සහ පාපැදි ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබෙනවා.
මෙම සැකකරු විසි හැවිරිදි නෙළුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද (27) ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.