දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නඩුව ජනවාරි මස 25 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
පසු ගිය ජනාධිපතිවරනය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුදල් රුපියල් මිලියන 36 ට අධික මුදලක් වැය කරමින් ජි.අයි.බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් චෝදනාවට ලක්ව සිටිනවා.
පැමිණිලි පාර්ශවයේ ඇතැම් සාක්ෂිකරුවන් ලබා දී ඇති කට උත්තර වල පිටපත් විත්ති පාර්ශවයට ලැබී නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව එම ලේඛන විත්ති පාර්ශවයට සහ අධිකරණයට ලැබීමට සලස්වන ලෙසට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව නීතිපතිවරයාට නියෝග කළා.