වසර 17ක් සවුදියේ සිර කරගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මත අද (27) යළි දිවයිනට පැමිණියා. මෙලෙස යලි දිවයිනට පැමිණියේ අඹන්පොළ ප්‍රදේශයේ කේ ජී කුසුමාවති නැමැති කාන්තාවක්.
ඇය 2000 වසරේ සැප්තැම්බර් මස 23 වන දින ගෘහ සේ්විකාවක ලෙස සවුදි අරාබියාවට පිටත්ව ගොස් තිබෙනවා. මුල් වසර 15 තුළ එලූවන් හා බැටලූවන් බලා ගනිමින් සේවය කළ ඇය සම්බන්ධයෙන් පසුගිය වසර එකහමාර තුළ පවුලේ ඥාතීන්ට තොරතුරක් ලැබී නැහැ.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්විමෙන් මෙම කාන්තාව දිවයිනට ගෙන්වා ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.