ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට 2017 ජූනි මාසයේ සිට කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ දී පැනනගින අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීම මෙහි ප්‍රධානතම අරණයි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංගගේ මගපෙන්වීම යටතේ, රටේ
ක්‍රමයෙන් ඉහළ යන ඛනිජ තෙල් ඉල්ලුම කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක ලෙස සපුරාලීම සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.
2025 වසර වනවිට දිනකට ඛනිජ තෙල් බැරල් 120,000 ක් පිරිපහදු කරමින්, දේශීය ඉල්ලූම 100% ක් සපුරාලීමේ හැකියාව මින් ලැබෙනු ඇත. මෙරට අවශ්‍යතාව අනුව දිනකට බැරල් 140,000 දක්වා පුළුල් කිරීමේ හැකියාව පවතී. නව
Continuous Catalyst Regeneration (CCR) ඒකකයක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම කටයුත්තක් වනවා. මෙම ඒකකය, බොරතෙල් පිරිපහදු කිරීමේ රසායනික ක්‍රියාවලිය වැඩිදියුණු කරන අතර අඩු ඔක්ටේන් අගයක් සහිත ඉන්ධන වැඩි ඔක්ටේන් අගයක් සහිත ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ හැකියාවෙන් සමන්විතය.
සපුගස්කන්ද පිරිපහදුවේ නව ස්වයංක්‍රීය පර්යන්තය සහ බොයිලරය ස්ථාපිත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉන්ධන සැපයීමේ නළ මාර්ගය තැනීම, ගුවන් යානා ඉන්ධන සඳහා මුතුරාජවෙල සංකීර්ණයේ ගබඩා ටැංකියක් ඉදිකිරීම
මේ සඳහා මෙටි්රක් ටොන් 90,000 ක ධාරිතාවකින් යුත් ටැංකියක් ඉදිකිරීම, ඉන්ධන ගබඩා නවීන ආර්ථික කලාප වල ස්ථාපිත කිරීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අලූත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඊට ඇතුළත් වනවා.