ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු 'ස්මාර්ට්' ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අද (27) ආරම්භ කෙරුණා.
ප්‍රථම ස්මාර්ට් හැඳුනුම්පත නිකුත් කිරීම අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
වසර 20ක කල් පැවැත්මක් ඇතැයි විශ්වාස කරන නව හැඳුනුම්පත වෙනස් කිරීම් කළ නොහැකි ආකාරයටයි සකසා ඇත්තේ.
Barcode ද සහිත 'ස්මාර්ට්' ජාතික හැඳුනුම්පතේ විශේෂතා පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කරන පැහැදිලි කිරීම පහතින් ඇසිය හැකියි.