පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරු වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ට කොළඹ මහාධිකරණය අද (27) මරණ දඬුවම් නියම කළා.
2001 වසරේ ඔක්තෝම්බර් මස 18වනදා කොටහේන ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි ඔවුන් ට චෝදනා එල්ල වී ඇත්තේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව විසින් මෙලෙස දඬුවම් නියම කළේ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.