දකුණු කොරියාවේ හොඳම තානාපති කාර්යාලය ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නම් කර තිබෙනවා.
දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයන් සපයන රටවල් ගණන 16ක්. ඒ අතරින් හොඳම ක්‍රමවේදයන් සහ උපායමාර්ගික සැළසුම් භාවිත කර සේවකයන්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය ලෙසයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තෝරාගෙන ඇත්තේ.
මෙම නිර්දේශය ලබා දී ඇත්තේ කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින්.