මවක විසින් සිය දරුවන් තිදෙනාටද වස පොවා සියදිවි හානිකර ගැනීමේ පුවතක් යාපනය, අරියාලේ ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. අද දහවල් යාපනය පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම මළසිරුරු හතර ඔවුන් පදිංචිව සිටි නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
මව විසින් දරුවන් තිදෙනාට වස දැමූ ආහාරයක් කවා මවද වස පානය කර ඇති බව පරීකෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මියගිය මවගේ වයස අවුරුදු 28 ක් වන අතර වැඩිමහල් දැරියගේ වයස අවුරුදු 4 ක්.
මියගිය පිරිමි දරුවන් දෙදෙනා අවුරුදු දෙකක සහ අවුරුද්දක් වයසේ පසුවන බවයි පොලීසිය පැවසුවේ.
මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයාද මීට මාස දෙකකට පමණ පෙර වස පානය කර සියදිවි හානිකර ගෙන තිබෙනවා.
ඒ මුදල් ගැටළුවක් හේතුවෙන්.
මියගිය සැමියා ලබාගත් ණය පියවා ගත නොහැකිව මෙම කාන්තාව දරුවන් තිදෙනාද සමග සියදිවි හානිකර ගන්නට ඇති බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීකෂණ සිදුකරනවා.
කෙසේ වෙතත් අදාළ කාන්තාව වස පානය කිරිමට පෙර යාපනය මහාධිකරණයේ විනිසුරු ඉලන්චෙලියන් වෙත හා ඇයගේ දෙමාපියන්ට දෙමළ බසින් ලිපි දෙකක් ලියා තිබෙනවා.
එම ලිපි පහත දැක්වේ.
දෙමාපියන්ට ලියු ලිපිය
විනිසුරුවරයාට ලියු ලිපිය
--------------
යාපනයේ අම්මායි දරුවෝ තුන්දෙනයි ජීවිතය හැර යයි.. සැමියාගේ ණය අද යාපනයම හඬවයි (27-10-2017 16:04)
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී වස පානය කිරීමෙන් මවක් හා දරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.
යාපනය පොලිසිය කියා සිටියේ අදාළ මව දරුවන්ට වස දී තමන්ද සියදිවි නසාගෙන ඇති බව අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් ඇගේ සැමියා ද මීට පෙර මිය ගොසු ඇති අතර ඔහු විසින් ලබාගත් ණය ගෙවන ලෙස විවිධ පුද්ගලයන් කළ බලපෑම් දරා ගත නොහැකිව මෙම කාත්තාව මෙසේ සිය දරුවන්ට ද වස පොවැ ඇයද වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය පිරිසගේ සිරුරු යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.