Monday, January 13, 2025

General line - 0115112241

නාවික හමුදා නව මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරිවරයෙක් පත් කරයි




නාවික හමුදා නව මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරි වශයෙන් කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර පත්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරි කොමාන්ඩර් ලංකානාථ දිසානායක නව පත්වීමක් ලබා ස්ථාන මාරුවක් ලබාගැනීම හේතුවෙන් කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර පත්කර ඇති බවයි.