Monday, January 13, 2025

General line - 0115112241

ජනපති ගවයින් ප්‍රවාහනය තහනම් කරයි




ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නීති විරෝධි අන්දමින් ගවයින් ප්‍රවාහනය කිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති  අතර, ඉන් කිරි ගව කර්මාන්තයට හා කෘෂිකර්මික අවශ්‍යතාවයන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි පෙන්වා දී තිබෙන්නේ.

එම නිසා ගවයින් ප්‍රවාහන පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ලබනවා.

දැනට ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලබනවා.

නීතිවිරෝධි අන්දමින් ගවයින් ප්‍රවාහනය කිරීමේ දී සිදුවන බරපතළ අනතුරු රැසක් පිළිබඳව මෙන්ම ප්‍රචණ්ඩක්‍රියා ගණනාවක් ද පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.