Monday, January 13, 2025

General line - 0115112241

මන්ත්‍රී විමල්ගේ ප්‍රකාශය පක්ෂයට ගැටළුවක් නෑ

මේනකා රත්නායක




පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට පක‍ෂ නායක විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණට කිසිඳු ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.

එම ප්‍රකාශය පක‍ෂයේ දේශපාලන මණ්ඩලයද අනුමත කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදීයි.

පක‍ෂ නායක විමල් වීරවංශගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික සංවිධායක පියසිරි විජේනායක සිදුකළ ප්‍රකාශය දේශපාලන වරදක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව පියසිරි විජේනායකට එරෙහිව ගන්නා පියවර පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි මන්ත්‍රී ජයන්ත සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.