සයිටම් ආයතනය පිළිබඳ රජයේ අවසන් තීරණය දැන ගැනීම සඳහා තවත් පැය කිහිපයක් ඉවසීමෙන් සිටින්නැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලකෂ්මන් කිරිඇල්ල පවසනවා.
අද (27) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර මට්ටමට යායුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීරණය ගණු ඇති බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී සඳහන් කළා.