Saturday, July 27, 2024

General line - 0115112241

හොංකොං සය සාමාජික ක්‍රිකට් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

කසුන් කැළුම්




හොංකොංහි පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් හත්දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ෆර්විස් මහරුෆ්ටයි.

ඇන්ඩි සොලමන්ස්, තිලකරත්න සම්පත්, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක‍ෂ, රමිත් රඹුක්වැල්ල හා ජීවන් මෙන්ඩිස් තරගාවලියට එක්වන කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්.

මෙම සය සාමාජික ක්‍රීකට් තරගාවලිය හෙට සහ අනිද්දා හොංකොංහි කොවුලූන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව තරගාවලියට සහභාගිවන සෙසු රටවල්.

මේ අතර ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලයේ දෙවන තරගය අද (27) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, අබුඩාබිහි ෂෙයික් සෙයිඩ් ක්‍රීඩාංගණයේදියි.

ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 9යි 30ට තරගය ආරම්භ විමට නියමිතයි.