Saturday, July 27, 2024

General line - 0115112241

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් නිදහස්වීමට බහුතරයක් කැමත්ත පල කරයි




කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් වූ යෝජනාව එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී  යෝජනවට පක්ෂව ඡන්ද 70   හා විපක්ෂව 10 ක් හිමිව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි මීට පෙර සෙනෙට් මණ්ඩලයට දැනුම් දුන්නේ කැටලෝනියාවට "නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ස්ථාවරත්වය" යළි ගෙන ඒම සඳහා එය ඍජු පාලනය යටතට ගත යුතු බවයි.

ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය අනුව කැටලෝනියාව මැඩ්රිඩ් පාලනය යටතට පවරා ගැනීමේ තීන්දුවට මේ වනවිට ස්පාඤ්ඤ සෙනේට් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අතර  ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා නිවේදන කර තිබුණේ කැටලෝනියා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කරන බවයි.

විශේෂ කැබිනට් රැස්වීමකින් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.