Saturday, July 27, 2024

General line - 0115112241

ඡන්ද උණුසුම නිවී ගිහින්




උණුසුමකින් තොරව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක‍්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අද (27) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මැතිවරණය සම්බන්ධයෙන් පැවැති උණුසුම් තතිතිවය දැන් නිවි ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය නොවැම්බර් පළමු වනදා නිකුත් කරන බවයි විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර අම්පාර කල්මුණේ නගර සභා බලප්‍රදේශයට අයත් සායින්දමරදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව අද (27) විරෝධතාවක නිරත වුණා.

ඒ හේතුවෙන් අම්පාර අක්කරෙයිපත්තු මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව විරෝධතාකරුවන් සායින්දමරදු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංදේශයක්ද භාරදුන්නා. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (27)පැවති මාධ්‍ය හමුවේදී අදාළ ගැටළුව සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.