Saturday, July 27, 2024

General line - 0115112241

ඕනෑම මැතිවරණයකට අප සූදානම්

හර්ෂිකා සංජීවනී




ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය හා එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිඳු ආරාධනාවක් නොලැබුණු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක‍ෂ පවසනවා.

කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට අද (27) පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියාසිටියා.

ඕනෑම මැතිවරණයක් සඳහා තමන් සූදානමින් සිටින බවයි ඔහු පැවසුවේ.

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 35 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක‍ෂට එරෙහිව ගොණුකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැදවනු ලැබුවා. එහිදී නඩුව  විභාග කිරීම ජනාවාරි 25 වනදා දක්වා කල් තැබුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.