Saturday, July 27, 2024

General line - 0115112241

හිටපු ජනපති ඉන්දියාවට

වසන්ත පිවිතුරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තුන් දින  සංචාරයක්‌ සඳහා අද (28) ඉන්දියාව බලා පිටත්ව යනවා.

ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ පැවැත්වෙන අනතර්ජාතික සම්මේලනයකට සහභාගී වීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ජාත්‍යන්තර බෞද්ධ හා සංස්‌කෘතික සම්මේලනය මගින් පවත්වන අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ආරාධනා කර ඇති හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය කියා සිටියේ.

මෙම සම්මේලනය මගින් බෞද්ධ උරුමයන් සහ සංස්කෘතිය පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කෙරෙනවා.

තායිලන්තය, තායිවානය, ජපානය, මියන්මාරය, වියට්නාමය, චීනය ඇතුළු බෞද්ධ රටවල් රැසක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතයි.