Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්ධන වියදම “අඩුකිරිමේ අලුත්ම” සූදානම

මේනකා රත්නායක




ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ඉන්ධන පෙරීම සඳහා මෙරට තාක්ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පවසනවා.

ඉන්ධන පෙරීම සහා භාවිත කරන පෙරණයක් මෙරට සතු වූයේ නම්, එම පිරිවැය ඉතා අඩුවන බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේ දී එම පෙරණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව  නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. 

මෙම පෙරණය ගෙනවීම මගින් විශාල මුදලක් රටට ඉතුරු කර ගැනීමේ හැකියාවක් පවතින බවයි ඇය කියා සිටියේ.