Saturday, July 27, 2024

General line - 0115112241

ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග මැතිවරණ දිනය තීරණය කරන්න පුළුවන්

හර්ෂිකා සංජීවනී




පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන දිනට පසුදින මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කළ හැකි බව නිරීක්ෂණ සංවිධාන පවසනවා.

අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් මස 01 වැනිදා නිකුත් කරන බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ (27) කියා සිටියේ.

ඒ අනුව මෙවර අමාත්‍යවරයාගේ වචනය විශ්වාස කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයට මැතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය ඉදිරි සතියේ දී නිකුත් කරනු ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියා.

නව ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වෙන බැවින් දේශපාලන පක්ෂවලට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ද විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියා.

එමෙන්ම ඡන්ද දායකයාට තමන් කැමති පක්ෂයට ඡන්දය සලකුණු කිරිමේ කාර්යය පමණක් ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියා.